ජලාශ රැසක ජල මට්ටම් සියයට 45ක අගයක
14 September 2026
ජලාශ රැසක ජල මට්ටම් සියයට 45ක අගයක
14 September 2026
දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න අගයක් ගන්නා බවය.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම් දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට යල කන්නයේ අවසන් අදියරට පැමිණ ඇති බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
තවද ඉදිරි මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මේ වන විට සැලසුම් සකස් කර ඇති බවත් අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු හෙට (15) දිනයේදි ආරම්භ කිරීමට පෙර කන්න රැස්වීම් සහ කන්න රැස්වීම් හිදී තීරණය වූ බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව මහ කන්නයේ අනෙකුත් වාරි ව්‍යාපාරවල වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ජලාශවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂාවල පවතින පුරෝකතන අනුව සැලසුම් සකස් කරමින් පවතින බවත් බොහෝ වාරි ව්‍යාපාරවල හෙට දිනයේදී ආරම්භ කිරීමට තීරණය වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

