brand logo
සුවසිරිපායේ V8 කෝලාහලයක්

සුවසිරිපායේ V8 කෝලාහලයක්

2 months ago

Share on

V 8 වර්ගයේ වාහනයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඊයේ (24වැනිදා) සවස නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් භාවිත කරන මෙම වාහනය භාර දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලිඛිතව දැනුම් දී තිබේ.


එහෙත් අතිරේක ලේකම්වරිය මෙම වාහනය තමන්ට අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයාට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.


එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත නියෝගය නොතකා වාහනය රැගෙන යාමට උත්සාහ කිරීමේදී ගේට්ටු වසා නතර කිරීමට ඊයේ (24) පස්වරුවේ උත්සාහ කළ අවස්ථාවේදී මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වූහ.


මෙම අතිරේක ලේකම්වරිය වාහනය රැගෙන ගොස් ඇති අතර ඇයට එරෙහිව විනය පියවර ගැනීමට අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (24) පස්වරුවේම සාකච්ඡා කර ඇත.


මෙම වාහනය වෙනුවට අතිරේක ලේකම්වරියට ‘පොස්’ වර්ගයේ වාහනයක් ලබාදීමට නිර්දේශ කර ඇත.

You may also like