පොලිස් නිෂ්කාශන වාර්තා online ක්‍රමයට සැකසීමට තව මාස 3ක් යයි
30 September 2026 | එෆ්. අස්ලම්
පොලිස් නිෂ්කාශන වාර්තා online ක්‍රමයට සැකසීමට තව මාස 3ක් යයි
30 September 2026 | එෆ්. අස්ලම්
පොලිස් නිෂ්කාශන වාර්තා මාර්ගගතව අයැදුම් කිරීමේ නව ක්‍රමවේදය සැකසීම සඳහා තවත් මාස තුනක පමණ කාලයක් ගතවනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නිෂ්කාෂන වාර්තා අයැදුම් කිරීම සඳහා නව පද්ධතියක් සකස් කිරීමේ වගකීම ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක් බාරගෙන ඇති අතර ඔවුන් ඒ සදහා මාස හයක කාලයක් ඉල්ලා ඇත. මේ වනවිට මාස තුනක් ගෙවී ඇති බවත් නව ක්‍රමවේදය හඳුන්වා දීමට මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත් පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
මේ වනවිට පොලිස් නිෂ්කාෂන වාර්තා සඳහා ඉල්ලුම් කිරීම තමන් පදිංචි පොලිස් වසම හරහා සිදුකරන බවත් එම ඉල්ලුම්පත්‍ර පොලිසියේ වී.පී.එන් පද්ධතිය මගින් යොමු කරන බවත් ඒ සඳහා අයකරන රුපියල් 5000 ක මුදල පොලිස් ස්ථානයට ගෙවිය යුතු බවත් එම නිලධාරියා කීවේය.
නිෂ්කාෂන වාර්තා ලබා දීම සඳහා සති දෙකකට වැඩි කාලයක් ගතවන අතර ඉල්ලුම්කරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පදිංචි පොලිස් වසම් ආදියෙන් වාර්තා ලබාගෙන එම වාර්තාව ලබා දෙන බවද එම නිලධාරියා කීවේය.

