brand logo
logo
කොදෙව් ටෙස්ට් නායකත්වය චේස්ට

කොදෙව් ටෙස්ට් නායකත්වය චේස්ට

17 May 2025



බටහිර ඉන්දීය කොදෙව් නව ටෙස්ට් නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබේ.


මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වනවිට කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 49 කට ක්‍රීඩාකර ඇති අතර, ඔහු නායකයා ලෙස ක්‍රීඩාකරන පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වනු ඇති.


රොස්ටන් චේස් අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදීය.


ඒ, අනුව වසර දෙකකට වැඩි කාලයක් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර නොමැති අතර, එම කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර තිබේ.


චේස් මීට පෙර එක්දින සහ විස්සයි විස්ස තරගවල දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ටෙස්ට් ආකෘතියේ ඔහුගේ පළමු අභියෝගයට ලබන ජුනි 25 වනදා බ්‍රිජ්ටවුන් හි මුහුණදීමට නියමතය.


ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීය.

 

More News..