Best News Website award
brand logo
logo
පශු සම්පත් සංවර්ධන උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

පශු සම්පත් සංවර්ධන උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026

පශු සම්පත් සංවර්ධන උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා



ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙහි හඳුනාගත් ගොවිපළ 'අභිජනන ගොවිපොළ' ලෙස සංවර්ධනය කෙරේ.


නිකවැරටිය ගොවිපළෙහි 'කිරිගව සහ මී ගවයන්', හොරකැලේ 'ඌරන්', සිරින්ගපාත ගොවිපළෙහි ' බැටළුවන්' සඳහා විශේෂිත න්‍යෂ්ටික ගහනයන් ස්ථාපනය කිරීමට රු.මි. 1,800ක්.


බස්නාහිර සහ වයඹ පළාත් කේන්ද්‍ර කරගනිමින් කුකුළු මස් හා ඒ ආශ්‍රිත අතිරේක නිෂ්පාදන අපනයනය සඳහා විශේෂිත ආර්ථික කලාපයක්.

මිල්කෝ බඩල්ගම නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉතිරි වැඩ අවසන් කර මිල්කෝ කර්මාන්ත ශාලාව එහි ස්ථාපිත කිරීම වෙනුවෙන් රු.මි. 3,000ක්.


පුත්තලම, මන්නාරම හා මඩකලපුව දිස්ත්‍රික්කවල එළු ගොවිපලවල් ස්ථාපිත කිරීම සඳහා දැනට වෙන්කර ඇති රු.මි. 200ට අමතරව තවත් රු.මි. 300ක්.


 

More News..