කටාර් එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක්
12 July 2026
කටාර් එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක්
12 July 2026
නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
කටාර් රාජ්‍යයේ උත්තරීතර රාජ්‍ය ආයතනය වන 'අමිරි දිවාන්' ආයතනය විසින් මෙම සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය.
ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යයේ එමීර්වරයා ලෙස කටයුතු කළේය.
ඔහුගේ පාලන කාලය තුළ කටාර් රාජ්‍යය ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ මාධ්‍ය බලවතෙකු බවට පත් කිරීමට ඔහු සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
ප්‍රකට 'Al Jazeera' මාධ්‍ය ජාලය ආරම්භ කිරීම මෙන්ම රටේ ස්වාභාවික වායු කර්මාන්තය දියුණු කර කටාර් රාජ්‍යය ලොව ධනවත්ම රටක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය.
කලාපීය සම්ප්‍රදායන්ගෙන් බැහැර වෙමින්, ඔහු 2013 වසරේදී ස්වේච්ඡාවෙන්ම සිය පුත් සහ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි වෙත බලය පවරා දෙන ලදී.
ඔහුගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරමින් සිටිති.

