brand logo
logo
පාස්කු ඉරු දිනය අදයි

පාස්කු ඉරු දිනය අදයි

05 April 2026


ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.


ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුණු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුණුවන් සමරනු ලබන අතර ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වේ.


ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවද බයිබලයේ සදහන් වේ.


අදට යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් "ආලේ ලුයියා" සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් ඊයේ රාත්‍රියේ සෑම දේවස්ථානයකදීම පැවැත්විණි.


අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය පැවැත්වුණේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.


මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජා සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

 

More News..