Best News Website award
brand logo
logo
SLS නොමැති හෙල්මට් එකක් අලෙවියට තබා තිබූ ආයතනයකට ලක්ෂයක දඩයක්

SLS නොමැති හෙල්මට් එකක් අලෙවියට තබා තිබූ ආයතනයකට ලක්ෂයක දඩයක්

15 November 2026


අනිවාර්ය SLS 517 ප්‍රමිතියට අදාළ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුමක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගොනු කළ නඩුවකට අදාළව කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇත.


මෙලෙස දඩ නියම වී ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකටය.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝබර් 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අදාළ ආයතනයේ සිදුකළ විමර්ශනයකදී, අනිවාර්ය SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති ආරක්ෂක හිස්වැසුමක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වී තිබේ.


ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ල ගොනු කර ඇත.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 50 අනුව, අදාළ වර්ගීකරණයන්ට අයත් වාහන භාවිත කරන්නන් සඳහා වන ආරක්ෂක හිස්වැසුම්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම තහනම් කර ඇත.


එම විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට රුපියල් 100,000ක දඩයක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 

More News..