brand logo
logo
හපුතලේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටෙයි

හපුතලේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටෙයි

18 October 2026

ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබේ.


මෙම සිදුවීමෙන් අදාළ නිවාස දෙකට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ.


කෙසේවෙතත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.


මේ අතර පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති අතර, මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට ගල් පෙරළීමෙන් හානි සිදුව ඇත.

 

More News..