අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතියට
11 July 2026
අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතියට
11 July 2026
අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතව ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් කමිටුව විසින් සකස් කරන අදාළ වාර්තාව සඳහා ඊයේ දින අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කමිටුව විසින් අනුමැතියද ලබා දී තිබේ.
මහාචාර්ය ඕ.ජී දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද මෙම විද්වත් කමිටු වාර්තාව මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මස 7 වැනි දින සිට මැයි 12 වැනි දින දක්වා පුරා මාසයක කාලයක් අවස්ථාව ලබා දී තිබුණි.
එහිදී ලබා ගත් අදහස් හා යෝජනා ඇතුළත්ව සකස් කෙරුණු වාර්තාව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය දරන අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කාරක සභාවේ අනුමැතියද පසුගියදා හිමි විය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මෙන්ම වෘත්තිකභාවය ඉහළ නැංවීම සඳහා යෝජිත අධ්‍යාපන වෘත්තික සභාව හැරවුම් ලක්ෂයක් වන බවය.

