brand logo
logo
නීති විරෝධීව මෙරටට ගෙන ආ ෂැම්පු පැකට් තොගයක් අල්ලයි

නීති විරෝධීව මෙරටට ගෙන ආ ෂැම්පු පැකට් තොගයක් අල්ලයි

14 July 2026


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.


නාවික හමුදාව සඳහන් කළේ, තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ ඊයේ (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එම ෂැම්පු පැකට් තොගය සොයාගත් බවයි.


එහිදී ෂැම්පූ පැකට් 5,386ක පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

 

More News..