brand logo
logo
පයාගල වෙඩි තැබීමෙන් පානදුර නිලංගගේ මස්සිනා ජීවිතක්ෂයට

පයාගල වෙඩි තැබීමෙන් පානදුර නිලංගගේ මස්සිනා ජීවිතක්ෂයට

01 September 2026


පයාගල, පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "පානදුර නිලංග" නැමැත්තාගේ මස්සිනා වන "ඩිලා" නමැති අයයි.


සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශ්වය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට දැනට තොරතුරු වාර්තා වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..