අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කර අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ්
03 November 2026
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කර අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ්
03 November 2026
මෙරට සිට අන්තර්ජාලය හරහා ඔන්ලයින් මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 21 දෙනා අතුරින් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ එම සැකකරුවන් පිරිස අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එමෙන්ම ඉතුරු සැකකරුවන් 14 දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර කළේය.
කෙසේ නමුත් ඇප ලැබූ සැකකරුවන්ට ඇප ලබා ගත නොහැකි වූ බැවින් එම පිරිස නඩුව කැඳවන හෙට දිනය දක්වා බන්ධනාගාර ගත කිරීමටද පියවර ගැනුණි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම විදෙස් ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස අතර, චීන ජාතිකයින් 12ක්, බංග්ලාදේශ ජාතිකයින් 6ක් සහ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකුය.
එමෙන්ම වැටලීම සිදුකර අවස්ථාවේදී මොවුන් සතුව විදෙස් ගමන් බලපත්‍රද නොතිබූ බවද පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම මොවුන් අතරින් පිරිසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි කිහිප දෙනෙකුද සිටි බැවින් මොවුන් මෙහි සිට රැකියා සිදුකරන්නේද යන්න සම්බන්ධවද විමර්ශන පැවැත්වෙන බවද පොලිසිය පැවසීය.

