Best News Website award
brand logo
logo
2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 3වන දිනය අද

2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 3වන දිනය අද

25 November 2026

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර, අද පැවැත්වෙන්නේ 2027 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනයයි.


ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය ලෙස 2027 මුදල් වර්ෂය වෙනුවෙන් සැකසූ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව 13 වැනිදා සිට දින 7ක කාලයක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව 20 වැනිදා පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 97කින් එය සම්මත විය.


ඉකුත් 21 වැනිදා ආරම්භ වූ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, 2027 අයවැය පිළිබඳ තෙවනවර කියවීමේ අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.

 

More News..