කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් දැඩි රථ වාහන තදබදයක්
06 November 2026
කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් දැඩි රථ වාහන තදබදයක්
06 November 2026
අද පස්වරුවේ සිට කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් කොළඹ ප්‍රදේශ අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පවතින තත්ත්වය හේතුවෙන් හැකි සෑම විටම ප්‍රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

