පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
21 February 2026
පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
21 February 2026
පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්භාවයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණය ඉල්ලීමක් කරයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයට අඛණ්ඩව වැසි පවතින බවය.
මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළයට රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ හේතුවෙන් නායයෑමේ ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි ලෙසට ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
"පොළොවේ ඇති වන පැලුම්, ඉරිතැලුම් පිළිබඳව පහළ සිට ඉහළට බිත්තවල ඇති වන්නා වූ ඉරිතැලුම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. මඩ වතුර සහිතව ඇති වන ආගන්තුක දිය උල්පත් සහ දිය උල්පත් සිඳියාම පිළිබඳ වැනි කරුණු දුටු වහාම එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත්වීම ඉතා වැදගත් වනවා.

