brand logo
logo
ඉන්දියාවට අවුරුදු 10ක් LNG සපයන්න අබුඩාබි සමාගමක් ගිවිසුමකට

ඉන්දියාවට අවුරුදු 10ක් LNG සපයන්න අබුඩාබි සමාගමක් ගිවිසුමකට

07 November 2026


ඉන්දියාවට ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයීම සඳහා වසර 10ක දිගුකාලීන ගිවිසුමකට අබුඩාබිහි ADNOC සමාගම සහ ඉන්දියාවේ Gujarat Energy Limited සමාගම එළඹ තිබේ.


එම ගිවිසුම යටතේ 2028 වසරේ සිට වසර 10ක කාලයක් තුළ වාර්ෂිකව LNG මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්වා සැපයීමට නියමිතය.


ADNOC සමාගමේ ජාත්‍යන්තර ආයෝජන සමාගම වන XRG සතු ජාත්‍යන්තර ගෑස් සැපයුම් කළඹෙන් සිදුකරන පළමු LNG අලෙවිය මෙය වන අතර, ඉන්දියාවට LNG සැපයීම සඳහා ADNOC අත්සන් කළ පස්වැනි ගිවිසුම ද මෙය වේ.


ADNOC සමාගමේ LNG අලෙවි හා සැපයුම් අංශයේ ප්‍රධාන නිලධාරී රෂීඩ් අල් මස්රූයි සඳහන් කර ඇත්තේ, මෙම ගිවිසුම මගින් ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වන බවයි.

 

More News..