යුරෝ මිලියන 10ක ප්‍රදානයක් සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය
03 November 2026
යුරෝ මිලියන 10ක ප්‍රදානයක් සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය
03 November 2026
යුරෝපා සංගමය සහ මෙරට අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමයේ එකඟතාව පළ වී තිබේ.
ඒ සඳහා යුරෝ මිලියන 10ක මූල්‍ය ප්‍රදානයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව දෙපාර්ශ්වය අතර මූල්‍ය ප්‍රදාන ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.
ඒ අනුව, හරිත සංක්‍රාන්ති මුලපිරීම් සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, වෙළෙඳ කටයුතු හා සම්බන්ධ ආයතනික ධාරිතාවන් වැඩිදියුණු කිරීම සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම පිණිස ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය හරහා වසර 04ක කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

