ඌව පළාතේ සිසු හෙද සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
27 November 2026
ඌව පළාතේ සිසු හෙද සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
27 November 2026
සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමේ 2023 කණ්ඩායමට අදාළව, ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල සුදුසුකම් ලැබූ සියලුම අයදුම්කරුවන් වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ පැවැත්වේ.
ඒ අනුව, 2026 නොවැම්බර් 28 වැනි සෙනසුරාදා සහ 29 වැනි ඉරිදා යන දිනවල පෙරවරු 8.30 සිට බදුල්ල හෙද විදුහලේදී මෙම සම්මුඛ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතය.
2026 වසර තුළදී පමණක් මේ දක්වා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.
ඒ අනුව ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල එම සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇත.


