brand logo
logo
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

24 July 2026

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.


පොලීසිය පැවසුවේ උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.


මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන 'මට්ටක්කුලියේ කුඩු රොශාන්' නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

රොශාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර ඊයේ රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැළද එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ රොශාන් නැමැත්තා අසල සිටි අයෙකුට බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිබව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..