ගැටඹේ නාහිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව අද
21 October 2026
ගැටඹේ නාහිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව අද
21 October 2026
ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී අද (21) පස්වරු 02.00ට සිදුකිරීමට නියමිතය.
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායකධූරය ඉසිලූ උන් වහන්සේ ගැටඹේ රාජෝපවනාරාමය කේන්ද්ර කොට මෙරට බෞද්ධ හා සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් විශාල දායකත්වයක් ඉසුලූ හිමිනමකි.
උන් වහන්සේගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට ගැටඹේ රාපෝපවනාරාම විහාරස්ථානයේ තැන්පත් කොට තිබේ.
දහවල් 12.30ට පමණ අනුනායක හිමියන්ගේ දේහය සඳහා මහා සංඝරත්නය පුණ්යානුමෝදනා සිදු කරන බව ගැටඹේ රාජෝපවනාරාමයේ භාරකාර පූජ්ය අකුරැස්සේ සිරිධම්ම විමල හිමියන් පැවසූහ.
ඉන් අනතුරුව අපවත්වී වදාළ අනුනායක හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට ගැටඹේ නාගරික ක්රීඩාංගණය දක්වා වැඩම කොට තෛනිකායික මහා නායක හිමියන් හා අනුනායක හිමියන් ඇතුළු තෛයිනිකායික මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන්, ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතය.

