ශිරන්තිගෙන් FCIDයට ලිපියක්
25 September 2026
ශිරන්තිගෙන් FCIDයට ලිපියක්
25 September 2026
"සිරිලිය සවිය" අරමුදලට අදාළ ගිණුමක සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලිඛිතව අදාළ කොට්ඨාසය වෙත දැනුම් දී ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට විදේශගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී පෙනී සිටීමට නොහැකි බවයි.
කෙසේ වෙතත්, නැවත දිවයිනට පැමිණි වහාම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට ඇය සූදානම් බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

