brand logo
logo
 අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

21 October 2026


අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) පැය 8ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.


ඒ අනුව හෙට දිනයේ පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා එම ජල කප්පාදුව සිදුකරනු ලබයි.


අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් වඩාත් ගුණාත්මක ජල සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුවනබව එම නිවේදනයේ සඳහන් වේ.


ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ප්‍රදේශ


විජේපුර ජල සම්පාදන ක්‍රමය -විජේපුර, පාලඩිකුලම, නෙළුම් කුලම සහ කවරක්කුලම.


නාච්චාදුව ජල සම්පාදන ක්‍රමය - නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම.


තලාව ජල සම්පාදන ක්‍රමය - තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව.


අඩු පීඩන තත්ත්වයක් අපේක්ෂිත ප්‍රදේශ


අනුරාධපුර නගර අදියර II සහ අනුරාධපුර නගර අදියර III


ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, ජලය රැස් කරගන්නා ලෙසත්, එම ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි

 

More News..