brand logo
logo
සිඩ්නි වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරුවෙකුගේ නම හෙළිවෙයි

සිඩ්නි වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරුවෙකුගේ නම හෙළිවෙයි

14 December 2025

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ එරට වේලාවෙන් අද (14) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ.


ඒ අනුව මෙම ප්‍රහාරවලට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් සිඩ්නි නුවරට නිරිතදිග ප්‍රදේශයේ පදිංචිව සිටි නවීඩ් අක්‍රම් නම් අයෙකු බව මූලික විර්ශනවලදී හෙළිකරගෙන ඇත.


කෙසේ නමුත් එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාද, නැතහොත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාද යන්න පිළිබඳ සඳහන් කර නොමැත.


අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකටය.


මේ වනවිට වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන 12ක් දක්වා ඉහළගොස්, තුවාල ලැබූ සංඛ්‍යාවද 29ක් වී තිබේ. මියගිය පුද්ගලයන් අතර වෙඩික්කරුවෙකුද සිටී.


වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගියේය.

අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා පොලිස් අත්අඩංගුවේ පසුවේ.

 

More News..