brand logo
logo
 වැඩතහනම් වූ සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයා නඩුවෙන් නිදහස්

වැඩතහනම් වූ සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයා නඩුවෙන් නිදහස්

02 November 2026


මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි, වැඩ තහනමට ලක්ව සිටින සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා නඩුවෙන් නිදහස් කර තිබේ.


අද (02) ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී, පොලිසිය විසින් මෙතෙක් චෝදනා ගොනු කර නොමැති බව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ලක්විය.


ඒ සම්බන්ධයෙන් පොලිසිය පැවසුවේ නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබාගත යුතු බවයි.


කෙසේ වෙතත්, පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.


අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔහු නඩුවෙන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව නීතිඥ පුංචිහේවා මහතා සඳහන් කළේය.

 

More News..