brand logo
logo
 නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

24 September 2026


පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


ඒ අනුව ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසත් දන්වා ඇත.


මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) පස්වරු 5 සිට හෙට (25) පස්වරු 5 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කළේය.


ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,


රතු නිවේදන දන්වා ඇති ප්‍රදේශ (ඉවත් වන්න)

ගාල්ල දිස්ත්‍රික්කය: - තවලම, ⁠නාගොඩ, නෙළුව, නියාගම

මහනුවර දිස්ත්‍රික්කය: - පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහළ කෝරලේ, ⁠දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය: - අඹගමුව, ⁠නෝර්වුඩ්, කොත්මලේ බටහිර, ⁠කොත්මලේ නැගෙනහිර


අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය: - කරන්දෙණිය, ⁠ඇල්පිටිය, ⁠බද්දේගම

හම්බන්තොට දිස්ත්‍රික්කය: - ⁠කටුවන, වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය: - වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය: - දෙල්තොට, ⁠පන්විල, ⁠යටිනුවර, ⁠ගඟවට කෝරලේ, ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: - ⁠දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: - ⁠තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය: - ⁠රත්නපුර 

මාතර දිස්ත්‍රික්කය: - ⁠කොටපොල, පස්ගොඩ, ⁠පිටබැද්දර


විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය :- සීතාවක, පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය: - අත්තනගල්ල, ⁠මීරිගම

කෑගල්ල දිස්ත්‍රික්කය: - වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය: - පාතහේවාහැට, උඩුදුම්බර, ⁠මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, ⁠තුම්පනේ, පූජාපිටිය, ⁠අකුරණ, ⁠හතරලියද්ද, ⁠හාරිස්පත්තුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: - ⁠අලව්ව, ⁠මාවතගම, ⁠පොල්ගහවෙල, ⁠මල්ලවපිටිය

කළුතර දිස්ත්‍රික්කය: - ඉංගිරිය, ⁠බුලත්සිංහල

මාතර දිස්ත්‍රික්කය: - අකුරැස්ස

රත්නපුර දිස්ත්‍රික්කය: - ⁠කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට

 

More News..