brand logo
logo
චන්ද්‍රිකාට වගේ පදනමක් මට නැහැ - මෛත්‍රි කියයි

චන්ද්‍රිකාට වගේ පදනමක් මට නැහැ - මෛත්‍රි කියයි

15 December 2025 | සාලිය කුමාර ගුණසේකර

‘‘චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ. මට එහෙම සම්මන්ත්‍රණ ශාලාවකුත් නෑ. එහෙම සල්ලි එකතුවෙන පදනමකුත් නැහැ’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රුපියල් කෝටි 25ක මුදලක් රටට පරිත්‍යාග කළ බවද මෛත්‍රි හා මහින්ද හිටපු ජනාධිපතිවරුන්ද එලෙස මුදල් පරිත්‍යාග කරනතුරු ජනතාව බලා සිටින්නේ යැයි පසුගියදා පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.


ඔබතුමාටත් එහෙම සම්මන්ත්‍රණ ශාලාවක් හදාගන්න තිබුණානේදැයි මාධ්‍යවේදියකු එහිදි විමසීමේදී හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේය.


“වකුගඩු රෝහල මම චීනයෙන් ගත්තේ පරිත්‍යාග විදිහට. පොළොන්නරුවේ රාජ්‍ය භාෂා පාසල ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක්. ඒ වගේ දේවල් රාශියක් මම රට වෙනුවෙන් කළා.’’

 

More News..