ඩෙංගුවලින් ජූලි මාසය කප් ගසයි
03 August 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගුවලින් ජූලි මාසය කප් ගසයි
03 August 2026 | ශිරාන් රණසිංහ
මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය බවට ජූලි මාසය පත්ව තිබේ. ඒ අනුව ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 29,980 ක් හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
මෙම වසරේ ගෙවී ගිය මාස හතේදී ඩෙංගු රෝගීන් 86,000 ක් හමුවී ඇත. අගෝස්තු මාසයේදී ඩෙංගු වසංගතය අඩු වෙතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබූ අතර ගෙවී ගිය දින දෙකේදී ඩෙංගු රෝගීන් 646 ක් හමුවී ඇත. ඒ අනුව දිනකට ඩෙංගු රෝගීන් 1000 ඉක්මවා හමුවීම යම් පමණකට අඩුවී ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරු පවසති.
තාමත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. දෙවැනි තැන කොළඹ දිස්ත්‍රික්කයට හිමිව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වසරේදී ඩෙංගු රෝගීන් 18,249 ක් හමුවෙද්දී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,048 හමුව තිබේ.
මෙම වසරේ ඩෙංගු මරණ 62 ක් වාර්තා වී ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රමාණයද 175 සිට 137 දක්වා අඩුවී ඇත.
මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමේ කටයුතු දිගටම කරගෙන යන ලෙස ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර ජනතාවගෙන් ඉල්ලා සිටී.

