brand logo
logo
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

01 May 2026

අද (01) මධ්‍යහන 12.00 ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි. මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.


ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

More News..