ක්ෂුද්‍ර මුල්‍ය පනතට කතානායකගේ සහතිකය
20 March 2026
ක්ෂුද්‍ර මුල්‍ය පනතට කතානායකගේ සහතිකය
20 March 2026
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (20) සිය සහතිකය සටහන් කළේය.
ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ හා ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සළසනු ලැබේ. මෙම අධිකාරියේ අරමුණ වන්නේ බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම , එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව සහ අනෙකුත් නියාමන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළින් 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත පරිච්චින්න කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම ද සිදුවේ.
ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2025 නොවැම්බර් මස 26 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
ඒ අනුව ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2026 අංක 9 දරන ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස අද (20) සිට බලාත්මක වේ

