brand logo
logo
 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි'ගේ මස්සිනාව කපාකොටා ඝාතනය කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි'ගේ මස්සිනාව කපාකොටා ඝාතනය කරයි

07 September 2026


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි' නමැත්තාගේ නැමැත්තාගේ මස්සිනා වන 'භූත කළුවා' නමැත්තා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.


අද (07) අලුයම 1.45ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකි.


ඝාතනයට ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස් මල්ලි' නමැත්තා සමඟ වසර කිහිපයක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇත.


අංශභාග රෝගී තත්ත්වයකට ගොදුරු වීම නිසා ඔහු මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබේ.


සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් ත්‍රීරෝද රථයකින් පැමිණ නිවසේ දොර කඩා ඇතුළු වී, ඇඳ මත නිදා සිටි මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.


බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "බඩෝවිට අසංක"ගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 

More News..