දිට්වා නිසා කොත්මලේ වැවක් කැඩී පාර විනාශයි
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
දිට්වා නිසා කොත්මලේ වැවක් කැඩී පාර විනාශයි
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
දිට්වා සුලි කුණාටුවෙන් වාරි වැවක් කැඩී යැම නිසා කොත්මලේ ඉහළ කදු මුදුනේ සිට කොත්මලේ ජලාශය ජලය ගලා බසිනා ඇළ මාර්ගයක ජලය දිවා රාත්‍රී දෙකේ තම ගම්මානයේ සිට කොත්මලේ නව නගරය දක්වා දිවෙන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත් වි සිටින බව කොත්මලේ රම්බොඩගම ප්‍රදේශවාසීන් කියා සිටියි.
වැව කැඩී යෑමත් සමග එම මාර්ගයේ මීටර් 500ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම කැඩි ගොස් ඇති බවත්, වැව කැඩී යෑම නිසා වැවට ජලය ගලා ආ ඇළ මාර්ගයේ ජලය කොත්මලේ නව නගරයට තම ගම්මානයේ සිට පිවිසෙන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන් රම්බොඩ ගම සහ කන්දේයාය ගම්මානයේ පදිංචිකරුවන් දැඩි ලෙස පීඩාවට පත් වි ඇත.
මේ දිනවල කොත්මලේ ප්‍ර දේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇළ මාර්ගය දිගේ විශාල ගල් සහ පස් ගලා ගෙන විත් ප්‍රධාන මාර්ගයේ රැදෙන බවත්, එම ගම්මාන දෙකේ පදිංචිකරුවන් එක්ව පවත්නා තත්වය මත එම පස් සහ ගල් ඉවත් කිරිමේ කටයුතු සිදු කරන බවත්, තම ගම්මානයේ සිට පාසල් යන ළමුන් මාර්ගය දිගේ ජලය ගලා යන නිසා පාවහන් පළදින්නේ නොමැතිව ජලය ගලා බසිනා මාර්ගය හරහා ගොස් පසුව පාවහන් පැළද පාසල් යන බවයි එම ගම්මානයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.
තවද, එම වැවෙන් නිකුත් කරනු ලැබූ ජලයෙන් කුඹුරු සිදු කරගෙන ගිය බවත්, වැව කැඩී යෑම නිසා තම කුඹුරු වලට ජලය නොමැති වීමෙන් කුඹුරුද කරගෙන යැමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි පීඩාවට පත් ජනතාව කියා සිටියේ.

