brand logo
logo
අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රටතුල අවස්ථාවක් නෑ

අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රටතුල අවස්ථාවක් නෑ

13 September 2026

රට තුල ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනයක් සිදුකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රටතුල අවස්ථාව නොලැබෙන බවය.


‘‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ජන රැළි මාලාවේ කහටගස්දිගිලිය නගරයේ අද පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ දූෂිතයින්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදුකරන බවය.

 

More News..