brand logo
logo
සයිබර් ළමා අපයෝජන වැළැක්වීමට අලුත් වැඩක්

සයිබර් ළමා අපයෝජන වැළැක්වීමට අලුත් වැඩක්

19 December 2023

2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය.


එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබුණු බවත් ඇය සඳහන් කළාය.


අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ඒ බව සඳහන් කළාය.


"සයිබර් අවකාශය ඔස්සේ අපේ ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වාර්තා වෙනවා. මේක වළක්වා ගන්න පොලීසිය විසින් මේ සබන්ධයෙන් පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සම්බන්ධවී වැඩ කිරීමට පොලීිසියේ ළමා හා කාන්තා කර්යංශයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දත්ත පද්ධතිය හඳුන්වන්නේ 'International Centre for Missing & Exploited Children.' ලෙසයි."


"සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදාහරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා."


"මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා."


"ඒ රටවල්වලට දැනුම්දෙනවා.. ඔබගේ රටේ මෙවැනි අපරාධ සිද්ධ වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා." 


"දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර සමාජ මාධ්‍යට සහ අන්තර්ජලායට මුදාහැරීමට කටයුතු කිරීමට අදාළ වාර්තා 146,000ක් ලැබිලා තිබෙනවා 2022 වසරේදී."

 

More News..