දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හටගත් ගින්න මැඩපැවැත්වේ
19 November 2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හටගත් ගින්න මැඩපැවැත්වේ
19 November 2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන් වෙයි.
ගින්නෙන් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් නොමැති අතර දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.
කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ බිම්මහලේ මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ අද (19) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබුණි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර මේවන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.


