brand logo
logo
ඡන්ද පැමිණිලි දහස ඉක්මවයි

ඡන්ද පැමිණිලි දහස ඉක්මවයි

31 October 2024 | සාලිය කුමාර ගුණසේකර

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානවලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


ඉකුත් සැප්තැම්බර් මස 26 වැනිදා සිට පෙරේදා (29 වැනිදා) දක්වා වූ දින 33 ක කාලය තුළදී ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1,042කි.


මෙම පැමිණිලි අතරින් 1,011 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව වන අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 10 කි. වෙනත් පැමිණිලි සංඛ්‍යාව 21කි.


සමස්ථ පැමිණිලිවලින් 863 ක් විසඳා තිබෙන බවත්, පැමිණිලි 179ක් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කෙරෙමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.

 

More News..