එළවළු මිල අධික ලෙස ඉහළට
16 June 2025
එළවළු මිල අධික ලෙස ඉහළට
16 June 2025
හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ මේ වන විට එළවළු මිල අධික ලෙස ඉහළ යාමත් සමග ප්‍රදේශවාසීන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව තිබේ.
ඒ අනුව මුරුංගා කිලෝවක් රුපියල් 1000ත් 1200ත්, කැරට් කිලෝවක් රුපියල් 700ත් 800ත්, බෝංචි කිලෝවක් රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 800ත් 900ත්, කරවිල කිලෝවක් රුපියල් 400ත් 450ත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 300ත් 320ත්, වම්බටු කිලෝවක් රුපියල් 650ත් 700ත්, මෑකරල් කිලෝවක් රුපියල් 480ත් 500ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 450ත් 500ත්, පතෝල කිලෝවක් රුපියල් 400ත් 450ත්,සහ වැටකොළු කිලෝවක් රුපියල් 500ත් 520ත් අතර මිලකට අලෙවි වනු ඇත.
එලවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට නිසි ලෙස එලවළු මිලදි ගැනිමට නොහැකි තත්ත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසයි.
මේ පිළිබඳ සිදුකළ විමසීමකදී අදහස් දැක්වමින් නගරයේ එලවළු වෙළෙඳුන් සඳහන් කර සිටියේ මේ වන විට පවතින වැසි තත්ත්වය හේතුවෙන් එලවළු තොග මිල ගනන් ඉහල යාම නිසා මෙම තත්ත්වය පැන නැගී ඇති බවයි.
පවතින මෙම වැසි තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් එලවළු මිල තව දුරටත් ඉහළ යාමේ අවදානමක් ඇති බවත් එලවළු මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් සඳහන් කර තිබේ.