දිස්ත්රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
28 November 2026
දිස්ත්රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
28 November 2026
දිස්ත්රික්ක හතකට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඊයේ (27) රාත්රී 9.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා ක්රියාත්මක බව සඳහන් වේ.
ඒ අනුව බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල තෝරාගත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ කහ පැහැති විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
බදුල්ල දිස්ත්රික්කය
හල්දුම්මුල්ල
පස්සර
කළුතර දිස්ත්රික්කය
පාලින්දනුවර
බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය
යටිනුවර
තුම්පනේ
හතරලියද්ද
උඩපළාත
ගඟ ඉහළ කෝරළය
උඩුදුම්බර
දොළුව
උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කය
අරණායක
රුවන්වැල්ල
දෙහිඕවිට
මාවනැල්ල
බුලත්කොහුපිටිය
කෑගල්ල
ගලිගමුව
යටියන්තොට
රඹුක්කන
මාතලේ දිස්ත්රික්කය
රත්තොට
නුවරඑළිය දිස්ත්රික්කය
කොත්මලේ නැගෙනහිර
නිල්දණ්ඩාහින්න
කොත්මලේ බටහිර
නෝර්වුඩ්
අඹගමුව කෝරළය
තලවකැලේ
වලපනේ
රත්නපුර දිස්ත්රික්කය
කුරුවිට
කිරිඇල්ල
මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන ප්රදේශවල කඳුකර බෑවුම් ආශ්රිතව පදිංචිව සිටින ජනතාවට විශේෂ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
විශේෂයෙන්ම නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම සංවිධානය ජනතාවට උපදෙස් ලබා දී ඇත.
තවද, පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් හා දැනුම්දීම් අනුව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


