සම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව කල්යයි
03 November 2026
සම්පත් මනම්පේරිගේ නඩුවක තීන්දුව කල්යයි
03 November 2026
සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 13 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී බන්ධනාගාරගතව සිටින විත්තිකාර සම්පත් මනම්පේරි අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර සෙසු විත්තිකරුවන්ද අධිකරණයේ පෙනී සිටියේය.
එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුවේ තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
2009 වසරේ නාරාහෙන්පිට ප්‍රදේශයේදී සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

