brand logo
logo
භූත කළුවා ඝාතන සිද්ධියේ 5 වන සැකකරු අත්අඩංගුවට

භූත කළුවා ඝාතන සිද්ධියේ 5 වන සැකකරු අත්අඩංගුවට

18 September 2026 | දර්ශාන් කානිල් - මොරටුව

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට කොස්මල්ලි යන අයගේ මස්සිනා වන කොම්පඤ්ඤගේ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නොහොත් භූත කළුවා යන අය තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කිරීමේ අපරාධයට අදාළ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 ක් සහ අපරාධය සඳහා භාවිතා කරන ලද රතු පැහැති ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.


ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් (7 වැනිදා) දෙහිවල පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සජිත් අකලංක නොහොත් කොස්මල්ලි යන අයගේ මස්සිනා වන කොම්පඤ්ඤගේ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නොහොත් 'භූත කලුවා' යන අය තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස තෙලවල මහල් නිවාස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වේ. 


මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී අපරාධය සිදු කිරීමේ තවත් සාමාජිකයෙකු වන අපරාධය සිදු කිරීම සඳහා පැමිණි ත්‍රිරෝද රථය රැගෙන ඒම, අංක තහඩු වෙනස් කිරීම හා අපරාධය සඳහා ප්‍රධාන වශයෙන් සම්බන්ධ වූ මෙම සැකකරු මෙත්ඇම්පිටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.


වැඩිදුර විමර්ශනවලදී අපරාධය සඳහා යොදා ගන්නා ලද ත්‍රිරෝද රථයේ අයිතිකරු සහ ත්‍රිරෝද රථය සොයා ගෙන තිබූ අතර එම ත්‍රිරෝද රථයේ අයිතිකරු සාගර පටුමග, එගොඩඋයන, මොරටුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බව සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි.


මෙම අපරාධය සම්බන්ධයෙන් සියළුම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සියලුම සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් පෙනී සිටිමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

 

More News..