තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි
10 May 2026
තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි
10 May 2026
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන්නේය.
ඒ, චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදීය
.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත් ඉන්දීය ප්‍රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.
ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමග එක්වීමත් සමගින් ඔහුට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරගත්තේය.
ඊයේ (09) පස්වරුවේ ඉන්දියාවේ ලෝක් භවන් හිදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් විජේව තමිල්නාඩු නව මහ ඇමතිවරයා ලෙස පත් කළේ.
ඒ අනුව වසර 50කට ආසන්න කාලයක් මුළුල්ලේ DMK සහ AIADMK පක්ෂ අතර දෝලනය වෙමින් තිබූ දේශපාලන බලකොටු බිඳ දමමින් විජේ ප්‍රමුඛ TVK පක්ෂය තමිල්නාඩුවේ බලය හොබවනු ඇත.
මෙම අවස්ථාවට පැමිණි තමිල්නාඩු ආණ්ඩුකාරවරයාව පිළිගනු ලැබුවේ, මහඇමති විජේ විසිනි.
ඉන් අනතුරුව අද දින දිවුරුම්දීමට නියමිත අමාත්‍යවරුන් ද ආණ්ඩුකාරවරයාට හඳුන්වා දෙනු ලැබීය.
ඉන්දීය ජාතික ගීය සහ තමිල්නාඩු ප්‍රාන්ත ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය නිල වශයෙන් ආරම්භ විය.

