brand logo
logo
ආසියානු ක්‍රිකට් තරගාවලියේ සිදු වූ දේ පුහුණුකරු කියයි

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සිදු වූ දේ පුහුණුකරු කියයි

18 September 2023

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිය සංයුතිය හා ක්‍රීඩක වගකීම පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇතැයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.


මේ අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසන්නේ පවතින අඩුපාඩු සහ වැරදි මඟහරවාගනිමින් ඉදිරි ලෝක කුසලානය සඳහා සූදානම් විය යුතු බවය.


"මුලින්ම කියන්න ඕනේ අපි අවසන් තරගයට සුදුසුකම් ලබන්න හොඳින් ක්‍රීඩා කළා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් ජයග්‍රහණයක්. එහෙත් අවසන් තරගය පරාජය වූ ආකාරය බලාපොරොත්තු කඩකරවන සුළුයි. ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ටත් එය පොදුයි. මම හිතන්නේ අපි මෙතැන් සිට ගොඩනැගිය යුතුයි. ක්‍රීඩකයන් තුළ විශ්වාසය නැවත ඇතිකළ යුතුයි. දැන් ඔවුන්ට විරාමයක් ලබාදී ඔවුන් නිවෙස්වලට ගොස් නැවත නව ජීවයක් ලබා නැවත එක් වූ විට අප නතර තැන සිට කණ්ඩායම යළි ගොඩනැගීමටි කළ යුත්තේ. එක් අතකින් ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට යාමට තරම් මෙය යම් ආකාරයක දිරිගැන්වීමක් වේවි. ඉන්දියාව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, වගේ ප්‍රබල කණ්ඩායම් සමග තරග වදින විට ස්ථාවරව දක්ෂතා දැක්වීම වැදගත් වන බව මෙයින් පැහැදිලි වුණා. මේ නිසා එය අපිට ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් දීරිමත් කිරීමට යොදා ගත හැකි වේවි."


 

More News..