brand logo
logo
ඩෙන්මාර්කයේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඩෙන්මාර්කයේ බිහිසුණු දුම්රිය අනතුරක්

23 April 2026

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.


කෝපන්හේගන් හි වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.


මෙම අනතුරට හේතු මේ දක්වා අනාවරණවී නොමැති බව කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 


තුවාල ලැබූ සියලු දෙනා ගුවන් මගින් හෝ ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

 

More News..