brand logo
logo
රට බාර දෙන්න ජනතාව හිතන මීලග නායකයා ගැන ආචාර්ය චන්න ජයසුමන තක්කෙටම කියයි

රට බාර දෙන්න ජනතාව හිතන මීලග නායකයා ගැන ආචාර්ය චන්න ජයසුමන තක්කෙටම කියයි

05 August 2026


දැන් මිනිස්සු බලනවා ඊළඟට කාටද රටේ බලය දෙන්න පුළුවන් කෙනා, කවුද බලවේගය කියලා. ඒ ගැන හෙමීට බලාගෙන ඉන්නේ. ප්‍රවෘත්ති බලනවා, පත්තර කියවනවා, කඩපිලේ කතා කරනවා, කාටද මේ අවස්ථාව ලැබිය යුත්තේ කියලා.


මිනිස්සු හිතනවා දැන්, 'ඔව් අපිට වැරදුනා, නමුත් ඒක නිවැරදි කරගන්න ඕනා.' මිනිස්සු හිතනවා දැන් ඉගෙන ගත්ත මිනිහෙක් නායකය වෙන්න ඕන කියලා. ඔව්, ඒක නිවැරදියි! ඒ විතරක් නෙවෙයි, මිනිස්සු හිතනවා අත්දැකීම් තියෙන, ව්‍යාපාර ගැන දැනුමක් තියෙන කෙනෙක් මේ රටේ නායකයා වෙන්න ඕන කියලා.


දැන් පේනවනේ, අවුරුද්දට කීරි සම්බා අඩුයි කියලා මාස හයකට ඇතිවෙන්න පොන්නි සම්බා ගෙනාවා. හිතාගන්න බෑ මොකක්ද ගේන්න ඕන ප්‍රමාණය, මොකක්ද තියෙන අඩුපාඩුව කියලා. කළමනාකරණයේ දැනුමක් නෑ. අන්තිමට මොකද වුණේ? පොන්නි සම්බ ගෙනැල්ලා දැම්මා, ගොවියො ටිකට වැලේ වැල් නෑ!


ඒක නිසා මේ කළමනාකරණයෙහි දක්ෂ, මේ වෙලාවේ තියෙන ප්‍රශ්නය අඳුනගෙන ඒකට විසඳුමක් දෙන්න පුළුවන් පුද්ගලයෙක් ගැන මිනිස්සු හිතනවා. ඒ වගේම තමයි රටට ඇත්තට ආදරය කරන මිනිහෙක් ගැන හිතනවා. ඒ විතරක් නෙමෙයි, 'අපේ රටේ නායකයා' කියලා තැනකට ගිහිල්ලා කියන්න පුළුවන්, විදේශයකට ගිහිල්ලා කියන්න පුළුවන් පෙනුමක් තියෙන මිනිහෙක්වත් ඉන්න ඕන. මිනිස්සු එහෙමත් හිතනවා, දැන් එහෙම කතා කරනවා.


ඒ වගේම තමයි තව මිනිස්සු හිතනවා, දැන් ඔය 'පවුල් පාලනය ඇති, හොඳටම ඇති' එහෙම කියලා නෙමෙයි මෙයාට දුන්නේ. ආපහු ඒ තත්වෙට යන්න මිනිස්සුන්ගේ සූදානමකුත් නෑ.


ඉතින් මේ ඔක්කොම ටික සලකලා බලලා, ඔබතුමන්ලත් කල්පනා කරලා බලන්නකෝ දැන් කවුද එහෙම කෙනෙක්? දැන උගත් කෙනෙක්, පෙනුමක් තියෙන කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, අත්දැකීම් තියෙන කෙනෙක්, ව්‍යාපාරයක් හසුරුවගන්න පුළුවන්, මිනිස්සු ටිකක් පාලනය කරගන්න පුළුවන්, තියෙන ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න මොළයක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් කවුද මේ රටේ ඉන්නේ? කවුද මේ දේශපාලනයේ ඉන්නේ?


එහෙම කල්පනා කරගෙන යනවා. අද වෙනකොට මේ මධ්‍යම පන්තිය, විශේෂයෙන්ම කොළඹ සහ තවත් මධ්‍යම පන්තිය දැන් තීරණය කරලා ඉවරයි, ඒ සඳහා හොඳ විකල්පයක් ගොඩනැගෙමින් පවතිනවා කියලා. තව ටික දවසක් යනකොට මේක කොළඹින් එළියට යනවා. කළුතරට, රත්නපුරට, ගම්පහට යනවා, ගාල්ලට යනවා, මාතරට යනවා, ටික ටික රටේ අනෙක් ප්‍රදේශවලටත් මේ පණිවිඩය, මේ සාකච්ඡාව යනවා. ඒ වෙනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. ඒ වෙනකන් තමයි අපි බලාගෙන ඉන්නේ, ඒ වෙනකන් තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ.


ඔව්, JVP එක ෆේල්! ඒ ගැන ආයි සැකයක් නෑ. හැබැයි බලාපොරොත්තු මේ රට ගැන අතාරගන්න එපා. තමන්ගේ ළමයි පිළිබඳව, මේ රටේ ඉදිරි පරම්පරාවේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු අතඇරගන්න එපා.


බලාපොරොත්තුවේ පහනක්, එළියක් දැල්වෙමින් පවතිනවා. සර්වජන බලය තමයි ඒ පහන, ඒ එළිය, ඒ ප්‍රඥා ප්‍රදීපය අද දල්වමින් තියෙන්නේ, මේ රටේ මිත්‍රවරුනි!"


ආචාර්ය චන්න ජයසුමන සර්වජන බලය උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක 


මොරටුව ජන හමුවට එක්වෙමින් කියයි.


 

More News..