Access Lifestyle නවීන සුඛෝපභෝගී ජීවන රටාවේ නව යුගයක් එළිදක්වයි
08 October 2026
Access Lifestyle නවීන සුඛෝපභෝගී ජීවන රටාවේ නව යුගයක් එළිදක්වයි
08 October 2026
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම යුරෝපීය නානකාමර සහ මුළුතැන්ගෙයි උපාංග සපයන්නා වන Access Lifestyle, සුඛෝපභෝගී අභ්යන්තර අලංකරණ අත්දැකීම්වල ප්රමිතිය උසස් කරමින් සහ නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනයේ පෙරමුණේ පසුවන තම සුවිශේෂී ස්ථානය නැවත තහවුරු කරමින් සිය ප්රදර්ශනාගාරය අලුත් මුහුණුවරකින් එළිදක්වා ඇත.
කොළඹ, 2026 සැප්තැම්බර්: Access Lifestyle Private Limited සමාගම ශ්රී ලංකාවේ උසස් පෙළේ ගොඩනැගිලි අභ්යන්තර අලංකරණ ක්ෂේත්රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය නැවත ප්රතිනිර්මාණය කරන ලද ප්රදර්ශනාගාරය විවෘත කළේය. මෙම පරිවර්තනය දිවයින තුළ සුඛෝපභෝගී නානකාමර සහ මුළුතැන්ගෙයි උපාංග සඳහා ප්රමිතීන් ස්ථාපනය කළ සමාගමක නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, ශ්රී ලාංකේය නිවාස සහ ව්යාපෘති වෙත ගෝලීය මට්ටමේ අභ්යන්තර අලංකරණ මෝස්තර අත්දැකීම් සමීප කිරීමේ ප්රබල, අනාගතවාදී කැපවීම ප්රදර්ශනය කරයි.
1998 වසරේදී ආරම්භ කරන ලද Access Lifestyle (ඇක්සස් ජීවන විලාසිතාව) ආයතනය, Duravit, Hansgrohe සහ Cucine LUBE ඇතුළු ජාත්යන්තරව ඇගයීමට ලක්වූ යුරෝපීය සන්නාමයන් සමග වසර 25 කට වැඩි කාලයක් පුරා ගොඩනගාගෙන ඇති ශක්තිමත් සහකරු සබඳතා මත පදනම්ව, ගෝලීය මට්ටමේ උසස්ම නිෂ්පාදන සොයන ගෘහ නිර්මාණ ශිල්පීන්, අභ්යන්තර අලංකරණ ශිල්පීන්, ගොඩනැගිලි සංවර්ධකයින් සහ පාරිභෝගිකයින්ගේ පළමු තේරීම බවට පත්ව ඇත. නවීකරණය කරන ලද ප්රදර්ශනාගාරය එම විශ්වාසනීයත්වය තවත් උසස් තලයකට ගෙන යයි.
“මෙම ප්රදර්ශනාගාරය හුදෙක් අලෙවිසැලක් පමණක් නොවේ; එය අපගේ දැක්ම නිරූපණය කරන සුවිශේෂී සන්ධිස්ථානයකි. අප නියෝජනය කරන ලෝකප්රකට සන්නාමයන්ට සහ අපගේ පාරිභෝගිකයින්ට ගැළපෙන පරිසරයක් නිර්මාණය කිරීමට අප ආයෝජනය කර ඇත්තෙමු. අපගේ අරමුණ වූයේ ජාත්යන්තර මට්ටමේ හොඳම අභ්යන්තර සැලසුම් ශ්රී ලංකාවට ගෙන ඒමයි. මෙම පරිවර්තනය එම දැක්මේ විශිෂ්ටතම ප්රතිඵලයයි.”
අයේෂ් ප්රනාන්දු මහතා - නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ, Access Lifestyle Private Limited
නවීකරණය කරන ලද ප්රදර්ශනාගාරය තුළ කල්පනාකාරීව නිර්මාණය කරන ලද නානකාමර සංකල්ප (Bathroom Concepts) 21 කට අධික සංඛ්යාවක් අඩංගු වන අතර, විවිධාංගීකරණය වූ ප්රවේශමෙන් සකසන ලද නිර්මාණ එකතුවක් ප්රදර්ශනය කෙරේ. මෙහි ඇති සුවිශේෂී පිරිනැමීම වන්නේ ශ්රී ලංකාවේ ප්රථම වරට හඳුන්වා දෙන නව පරම්පරාවක සේවාලාභීන් උදෙසා අලුතින්ම ප්රතිකල්පනය කරන ලද සජීවී ස්නාන අත්දැකීමයි (Live Shower Experience). එමගින් ගෘහ නිර්මාණ ශිල්පීන්ට, අභ්යන්තර අලංකරණ ශිල්පීන්ට සහ නිවෙස් හිමියන්ට නානකාමර විසඳුම් හුදෙක් නිරීක්ෂණයෙන් ඔබ්බට ගොස් සැබෑ සොයාගැනීමක් හරහා, අතින් ස්පර්ශ කර විඳගත හැකි සුවිශේෂී ප්රායෝගික අත්විඳීමකට සහ තෝරා ගැනීමකට අවස්ථාව සැලසේ.
එහි ප්රශංසනීය නානකාමර උපාංගවලට අමතරව, නවමු මුහුණුවරක් ගත් ප්රදර්ශනාගාරය මගින් Access Lifestyle හි පූර්ණ මුළුතැන්ගෙයි සහ ඇඳුම් අල්මාරි (Wardrobe) උපාංග ද ඉදිරිපත් කරනු ලබන්නේ, සුඛෝපභෝගී අභ්යන්තර අලංකරණයේ සමස්ත පරාසයම එකම වහලක් යටට ගෙන එමිනි. එකිනෙකට වෙනස් වූ අපූර්ව නිර්මාණ කතාවක් කියාපාන වෙනස්ම අලංකරණ ශෛලීන් සහිත මුළුතැන්ගෙයි සංකල්ප තුනක් මෙහි ප්රදර්ශනය කෙරේ: සාම්ප්රදායික (Classic) මාදිලියක්, Cucine LUBE වෙතින් පූර්ණ ලෙස ක්රියාත්මක වන නවීන සජීවී මුළුතැන්ගෙය (Modern Live Kitchen), සහ Creo විසින් ඉදිරිපත් කරන මනරම් සහ විචිත්රවත් නිපැයුම් පෙළගැස්ම නම් ඒවාය . මීට අමතරව, Cucine LUBE සමූහයට අයත් Faer සන්නාමයේ ඇඳුම් අල්මාරි එකතුව ද මෙයට ඒකාබද්ධ කර ඇති අතර, ඒවා උසස් නිමාව සහ මනරම් සැලසුම් එකට කැටි වූ ගබඩාකිරීම් විසඳුම් ඉදිරිපත් කරයි. නානකාමර, මුළුතැන්ගෙය සහ විසිත්ත කාමර පරිශ්රයන් ආවරණය වන මෙම පූර්ණ ප්රවේශය, Access Lifestyle පූර්ණ සුඛෝපභෝගී අභ්යන්තර අලංකරණ උපාංග සැපයීමේ කේන්ද්රස්ථානය ලෙස පරිණාමය වීම නිරූපණය කරයි.
ගෘහ නිර්මාණ ශිල්පී ගයාන් හේරත් මහතා සහ ඔහුගේ කණ්ඩායම වෙත ප්රදර්ශනාගාරයේ නැවත සැලසුම් කිරීමේ වගකීම පැවරී තිබූ අතර, ඔවුන්ගේ දැක්ම මගින් සාම්ප්රදායික ශ්රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ Access Lifestyle හි යුරෝපීය සන්නාමයන්ගේ නූතන මෝස්තර භාෂාව සමග මනාව මුසු කර ඇත. එහි ප්රතිඵලයක් ලෙස දේශීය උරුමය සහ නූතනත්වය අතර අර්ථවත් සංවාදයක් ගොඩනගන, දේශීය අනන්යතාව රැගත් නමුත් ජාත්යන්තර මට්ටමේ ප්රදර්ශනාගාර පරිසරයක් නිර්මාණය වී ඇත.
“අපට නිර්මාණය කිරීමට අවශ්ය වූයේ අලංකාර ප්රදර්ශනාගාරයකට වඩා වැඩි යමක්. පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පියෙකු, ගොඩනැගිලි සංවර්ධකයෙකු හෝ ප්රථම වරට විශිෂ්ට අභ්යන්තර සැලසුම්වල හැකියාවන් සොයා යන නිවෙස් හිමියෙකු වේවා, අපගේ දොරටුවෙන් ඇතුළු වන සෑම කෙනෙකුටම ආශ්වාදයක් ලබා දෙන අත්දැකීමක් ගොඩනැගීමට අපට අවශ්ය වුණා. අප එය සාක්ෂාත් කරගෙන ඇති බව මම විශ්වාස කරන අතර, කණ්ඩායම මෙහි නිර්මාණය කර ඇති දේ පිළිබඳව මම ඉතා ආඩම්බර වෙනවා.”
අරවින්ද පෙරේරා මහතා - ප්රධාන මෙහෙයුම් නිලධාරී (COO), Access Lifestyle Private Limited
ප්රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණ සහ අභ්යන්තර අලංකරණ ක්ෂේත්රයේ ප්රමුඛයින්, Access Lifestyle හි ජාත්යන්තර සන්නාම සහකරුවන්ගේ නියෝජිතයින් සහ ශ්රී ලංකාවේ ඉතාලි සහ ජර්මානු තානාපති කාර්යාලවල නිලධාරීන් සහභාගී වූහ. එමගින් සමාගමේ වෘත්තීය සබඳතාවල ශක්තිමත් බව මෙන්ම පුළුල් නිර්මාණ ප්රජාවට මෙම අවස්ථාවේ ඇති වැදගත්කම ද නිරූපණය විය.
Duravit, Hansgrohe සහ Cucine LUBE යන ක්ෂේත්රයේ ප්රමුඛයින් සමග Access Lifestyle සතු දීර්ඝකාලීන සබඳතා සමාගමේ පිරිනැමීම් හි කේන්ද්රීය පදනම ලෙස තවදුරටත් රැඳී පවතින අතර, ජාත්යන්තරව පිළිගත් නවෝත්පාදනයන් සහ නිර්මාණශීලී විශිෂ්ටත්වය ශ්රී ලංකාවේ වෙළඳපොළට ගෙන ඒමට උපකාරී වේ. ප්රතිනිර්මාණය කරන ලද ප්රදර්ශනාගාරය මගින් මෙම සහයෝගීතාවයන් වඩාත් පූර්ණ සහ තාත්වික ලෙස ඉදිරිපත් කරයි.

