කාන්තාවන්‌ට රාත්‍රි සේවයේ නිරතවීමට කැබිනට් අනුමැතිය
24 October 2023
කාන්තාවන්‌ට රාත්‍රි සේවයේ නිරතවීමට කැබිනට් අනුමැතිය
24 October 2023
කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවයේ යෙදීමේ හැකියාව ලබාදෙන ප්‍රතිපාදන සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ව්‍යාපාර කටයුතු කරනු ලබන ආයතන, දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන සහ වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලන හා තාක්ෂණික කටයුතු වල යෙදෙන කාර්යාලවල සේවයේ නියුක්ත කාන්තාවන්ට රාත්‍රී සේවයේ නිරත වීමේ හැකියාව ලැබෙන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා චේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නිතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

