brand logo
logo
කඳුකරයට අධික වැසි-ජලාශ පිටාර මට්ටම ආසන්නයට

කඳුකරයට අධික වැසි-ජලාශ පිටාර මට්ටම ආසන්නයට

24 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (24) දින අලුයම සිට අධික සුළං සමග තද වැසි පතිත වෙමින් පවතියි.


පවතින වර්ෂාවත් සමග මාර්ගවල රථවාහන ධාවනයේදි සැලිකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට අද දින උදෑසන විට ලගා වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.


කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි -5.4 ½ ක් දක්වා ලගා වි ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 54.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 4.9ක් දක්වා ලගා වී ඇති බවත්, එම ජලාශයට ගත වූ පැය 24 තුල මිලිමීටර් 60ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.

 

More News..