මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්
11 July 2026
මතුගම නිවසකට වෙඩි ප්‍රහාරයක්
11 July 2026
මතුගම නෑබොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (11) පස්වරුවේ පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
පොලීසිය සැක පළ කරනුයේ T 56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
කෙසේ වෙතත් මින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

