brand logo
logo
කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට

කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට

06 October 2026

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා භාරදීමට තීරණය කර තිබේ.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.


චෝදනා 49ක් සම්බන්ධයෙන් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර ඊට අත්සන් කිරීමේ කටයුතු අද (06) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.


කථානායකවරයාට එරෙහි විෂ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

 

More News..