බැංකු ගිණුම් - ඩෙබිට් කාඩ් අන්සතු කිරීමෙන් විශාල පිරිසක් අපරාධවල පැටලිලා
11 April 2026 | එෆ්. අස්ලම්

තමන්ගේ නමින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් හා ඩෙබිට් කාඩ්පත් අන්සතු කළ දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ අපරාධවලට පැටලී සිටින බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙලෙස පැටළුණු බොහෝ පිරිසක් අපරාධයකට, වංචාවකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් ඒකක මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.
බොහෝ පිරිසක් බැංකු ගිණුම් අන්සතු කර ඇත්තේ එම ගිණුම් වෙත බැරවන සෑම මුදලකින්ම ප්‍රතිශතයක් ලෙස ලැබෙන ආදායම ලබාගැනීමට බවද, තවත් ඇතැමුන් මාසික කුලී මුදලකට බැංකු ගිණුම් අන්සතු කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශන රැසකින්ම හෙළිවී ඇත.
ව්‍යාපාර, ආයෝජන හා වෙනත් ක්‍රියාවන් කියමින් පුද්ගලයන් රැසකගෙන් බැංකු ගිණුම් ලබාගෙන ඇති බවත්, එම ගිණුම් මගින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ පුද්ගලයන් මාර්ගගතව රවටා මුදල් බැර කරගැනීම් සිදුකර ඇති බවද විමර්ශන අංශ සඳහන් කරයි.
මේ ආකාරයෙන් ගිණුම් විවෘත කර ඇති පිරිස් අතර මතට ඇබ්බැහි වූවන් හා යාචකයන්ද සිටින බවද, ඔවුනට රුපියල් 1000ක් 2000ක් ලබාදී ඔවුන්ගේ නම්වලින් බැංකු ගිණුම් ආරම්භ කර ඇති බවද හෙළිවී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ කිසිදු ආකාරයකින් තමන්ගේ බැංකු ගිණුම් හෝ ඩෙබිට් කාඩ්පත් අන්සතු කිරීමෙන් වළකින ලෙසය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් ඒකක මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.